hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 08, පෙ.ව. 12:04



ළමා දිවා සුරැකුම් පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දිවයින පුරා පිහිටි සියලුම ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල එකම කාර්ය පටිපාටියක් අනුගමනය කෙරෙන බව සහතික කිරීමත් විධිමත් ලියාපදිංචි කිරීමේ සහ සුපරීක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දීමත් අරමුණු කර ගනිමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් 2017 වර්ෂයේදී ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්‌ගෝපදේශ හඳුන්වා දී ඇත.

ඒ අනුව ළමා දිවා සුරැකුම් සේවාව සෑම පළාතකම ඒකමිතියකින් ක්‍රියාත්මක කිරීමටත්, විධිමත් නියාමන හා අධීක්ෂණ යාන්ත්‍රණයක් හඳුන්වා දීම සහතික කිරීමටත් ළමා දිවා සුරැකුම් පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කරනු ලැබ තිබෙනවා.

එකී ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: