hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ඔක්‍තෝබර් 10, ප.ව. 3:27



තිළිණි ප්‍රියමාලීගේ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මහතාගේ නම ප්‍රචාරය වීම ඇතුළත් කර ඇති ලේඛනය සාවද්‍ය ලේඛනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ජයසිරි ජයසේකර මහතා පවසනවා.

මෙම ලේඛනය රජය විසින් රජයට එරෙහිව කතා කරන පුද්ගලයන් ඉලක්ක කරගෙන මඩ ප්‍රචාර සිදු කිරීමට භාවිතා කර ඇති බවයි දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ.

මෙම ලේඛනය සකස් කිරීම පිටුපස අමාත්‍යවරයෙක් සහ කලාකරුවෙකු සිටින බවද මෙහිදී මාධ්‍ය වෙත කියා සිටියා.

තමන් විසින් සී.අයි.ඩී එකෙන් මේ පිළිබඳව තොරතුරු විමසා සිටි අතර තමාගේ නම එම සත්‍යය ලැයිස්තුවේ නැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටී බවත් මන්ත්‍රිවරයා කියා සිටියා.

දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ,

“කිසිම වෙලාවක මම මේ තැනැත්තියව දන්නෙත් නෑ. අඳුරන්නෙත් නෑ. හැබැයි ඇයගේ ව්‍යාපාරවලට අපි සල්ලි දාලා තියෙනවා කියලා තමයි සමාජ මාධ්‍ය ජාලාවල යන්නේ. අපි එවැනි තැන්පතුවක් කරලා නෑ. ඇය සමග කිසිදු ව්‍යාපාරික ගනුදෙනුවක් කරලත් නෑ. මම පහුගිය සතියේ ආණ්ඩුවෙන් ඉවත්වෙලා මහා තෙල් වංචාව ගැන කතා කළා. ජනතාවට වැඩි මිලට තෙල් ගන්න වෙලා තියෙන තත්ත්වයන් ගැන. ආණ්ඩුවේ ඉඳලා එළියට ආවහම අපිට ගහන්න පටන් ගත්තා. මම ඉදිරිපත් කරපු චෝදනාවලට උත්තර නොදී මගේ ගෙවන්න තියෙන ලයිට්බිලක් අරන් ගහන්න පටන් ගත්තා.දැන් මේ මඩ දිගින් දිගටම ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වෙනවා. මම දන්නවා යම් අමාත්‍යවරයෙක් මේකට සම්බන්ධයි. ඒ වගේම සමාජ මාධ්‍ය හසුරවන කලාකරුවෙක්. ඔවුන්ගේ පැත්තෙනුත් මේක ගියා කියලා අපිට තොරතුරු ලැබිලා තියෙනවා.”

https://youtu.be/IKzYQnh_ds0





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: