hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 05, ප.ව. 7:48



බත්තරමුල්ල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කඳාන පොලිසිය විසින්.

අත්අඩංගුවට ගත් සැකකරු 27වන වියේ පසුවන අතර, සැකකාරිය 23වන වියේ පසුවන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඔවුන් කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවන්.

පසුගියදා මෙම ව්‍යාපාරිකයාගේ සිරුර සොයාගනු ලැබුවේ ඔහුගේ බත්තරමුල්ල ප්‍රදේශයේ තිබු නිවසක නාන තටාකයේ තිබියදීයි.

එය ඝාතනයක් බවයි පැවසෙන්නේ.