hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 14, ප.ව. 1:18



දිස්ත්‍රික්ක 10 ක් තවදුරටත් ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ, කළුතර, මහනුවර, ගම්පහ, මාතලේ, ගාල්ල, යාපනය, මුලතිව්, පුත්තලම හා කෑගල්ලයි.

මෙම දිස්ත්‍රික්කවලින් පසුගිය සතියේ ඩෙංගු රෝගීන් 1,152 දෙනෙකු වාර්තා වී ඇති බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ වාර්තාවේ සදහන්.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 59, 317 ක්.

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

පසුගිය වසරේ මෙම කාලය තුළ ඩෙංගු රෝගීන් 20000 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් වාර්තා වී ඇති බවත් මෙම වසරේ ඩෙංගු රෝගීන් 60000 කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙනවා.

කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මහනුවර, ගාල්ල, යාපනය, කෑගල්ල, පුත්තලම සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින්ද පසුගිය වසරට සාපේක්ෂව වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. 

ඩෙංගු රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාස 36ක් අධි අවධානම් ඩෙංගු කලාප ලෙස නම් කර ඇති පසුබිමක් තුළ මෙවැනි වර්ධනයක් පෙන්නුම් කිරීම කැපී පෙනෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ.