2022 ජූනි 03, පෙ.ව. 9:29
මෙම වසරේ ගතවූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන් 24,523 දෙනෙකු හඳුනාගෙන ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
එම රෝගීන්ගෙන් 6,483ක් මැයි මාසයේදී හඳුනාගෙන ඇති බව ඔහු සඳහන් කරයි.
ඊයේ (02) දිනයේ පමණක් ඩෙංගු රෝගීන් 313න් දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා.
කොළඹින් රෝගීන් 5351ක් ගම්පහින් රෝගීන් 3118ක් සහ කළුතරින් ඩෙංගු රෝගීන් 2256 ක් ලෙස එය සටහන් වුණා.
මහනුවර, ගාල්ල, යාපනය රත්නපුර, පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකද රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වනවා.
පසුගිය මස පමණක් රෝගීන් 6483 දෙනෙකු මෙරටින් හඳුනා ගෙන තිබෙනවා.
2026 අප්‍රේල් 30, ප.ව. 4:56
2026 අප්‍රේල් 30, ප.ව. 3:36
2026 අප්‍රේල් 30, ප.ව. 12:59
2026 අප්‍රේල් 30, පෙ.ව. 11:55
2026 අප්‍රේල් 30, පෙ.ව. 11:49