hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 6:56



පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව හැදෑරු සිසුවකුගේ මරණයත් සමග මේ වන විට මානසික පිඩනය සම්බන්ධයෙන් දැඩි කතා බහක් ඇති වී තිබෙනවා.

මහවැලි ගඟට පැන ඔහු සියදිවි නසා ගත් බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වුණා.

මානසික පීඩාවන්ට ලක්වූවන් හඳුනාගතහොත් මනෝ වෛද්‍ය උපදේශන සහ ප්‍රතිකාර සඳහා යොමු කිරීම සියලුදෙනාගේ යුතුකමක් සහ වගකීමක් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ මානසික පීඩා හේතුවෙන් ජීවිතය අහිමි කරගන්නා තත්වයන් අවම කිරීම පිළිබද අදහස් දක්වමින්.

යම් පුද්ගලයෙකු ගැටලුවකට මුහුණ දුන් විට හැසිරෙන ආකාරය පිළිබද පූර්ව නිගමනවලට පැමිණීමට කිසිවෙකුටත් නොහැකියි.

මෙවැනි තත්වයක් අවම කරගැනීම සඳහා උපදේශන සේවා රැසක් රටේ ක්‍රියාත්මක වුවද ඒ සම්බන්ධයෙන් ජනතාවගේ දැනුවත් වීම අවම මට්ටමක පවතිනවා.