hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 16, ප.ව. 12:16



කලහාකාරී පිරිස් ගාලු ගාලුමුවදොර පිටියට පැමිණීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා තමාට උපදෙස් ලබා දුන් බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසා තිබෙනවා.

පසුගිය 9 වනදා ගාලු මුවදොර පිටිය ආසන්නයේ ඇතිවූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු මෙම අදහස් පළකර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ උපදෙස් වලට අනුව තමන් අවශ්‍ය පරිදි පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකාය කැඳවා තිබූ බවත් ජල ප්‍රහාරක රථ දෙකක් සහ කඳුළුගෑස් එල්ල කරනු ලබන නිලධාරීන් ද ගාලු මුවදොර පිටියට කැදවා තිබූ බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කොට තිබෙනවා.

එහෙත් අවසන් මොහොතේ දී ඉහළ බලධාරීන් දෙදෙනකු ජනාධිපතිවරයා කුමන උපදෙස් ලබා දුන්නද කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල නොකරන ලෙස තමාට මෙන් මෙහි සිටි තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට දැනුම් දුන් බව ද ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.