2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:17
මේ දිනවල පොලීසිය විසින් සිදුකරන විමර්ශනවලදී අත්ඩංගුවට ගන්නා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන් වැඩි පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ අය බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.
“මේ වෙනකොට අත්අඩංගුවට ගන්න සංවිධානාත්මක අපරාධකරුවෝ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ලබා දෙන තොරතුරුවලින් ඔප්පු වෙමින් තියෙනවා රාජපක්ෂ කඳවුර සංවිධානාත්මක අපරාධ කල්ලි නඩත්තු කළ බවටත් විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවටත්. ඒ නිසා තමයි සිහින දකින නාමල් කුමාරයා ඇතුළු අය මේ රජයට ප්‍රහාර එල්ල කරන්නෙ. එයා කලබල වෙන දේ ගැන පුදුම වෙන්න දෙයක් නෑ. එයාලා චෝදනා කළා කියලා අපි මේ මත්ද්‍රව්‍යය විනාශ කරන වැඩේ නවත්තන්නේ නෑ. අපි බලයට පත්වෙන්න කලින් ජනතාවට පොරොන්දුවක් දුන්නා පාතාලය, මත්ද්‍රව්‍ය සහමුලින් නැති කරනවා කියලා. අන්න ඒ දුන්න ප්‍රතිඥාව තමයි මේ ඉටුකරන්නේ. විපක්ෂයේ චෝදනා අපිට වැඩක් නෑ.
මේ මත් ද්‍රව්‍ය විනාශ කරන්නත් ඒවාට ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගන්නත් ලබන 30 දා අපි දැවැන්ත වැඩ පිළිවෙළක් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයෙන් ආරම්භ කරනවා. එය ග්‍රාමීය මට්ටමින් ආසන මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් දියත් කරන්නයි සූදානම් කරලා තියෙන්නේ. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කරා යන ගමන සාර්ථකයි කියලා විපක්ෂයට තේරෙනවා. ඒකයි මේ රජය බොරු කියනවා විපක්ෂය ඇත්ත කියනවා කියලා ජනතාවට ඒත්තු ගන්වන්න හදන්නේ. ඔවුන්ට තියෙන්නේ ජාතික ජන බලවේගය පිළිබඳව කුහකකමක්. ඒ අනුව බලද්දි හරි දේ හරි ලෙස දකින වැරදි දේ වැරදි ලෙස දකින විපක්ෂයක් අදමේ රටේ නෑ.”
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:15
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:07