hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 30, පෙ.ව. 5:24



පසුගිය දා අරගලයේ සමාජ මාධ්‍ය ක්‍රියාධරයකු වන ඩිලාන් සේනානායක ට එල්ලවූ ප්‍රහාරය පිළිබඳ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේදී ඔහු කරුණු කිහිපයක් පවසා සිටියා.

ඒ පිළිබඳ වැඩිදුරටත් ඔහු මෙසේ පැහැදිලි කළා.

මට එල්ල වුණ ඒ ප්‍රහාරයත් එක්ක කෙනෙක් ඇවිල්ලා මට පහර දීලා ඊට පස්සේ එයා ගිහිල්ලා තිබ්බ. පස්සේ අපිට දැනගන්න ලැබුණා හතර දෙනෙක් මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට අරන් තියෙනවා කියලා. පොලීසිය සඳහන් කළා අරගල භූමියට ඇවිල්ල තියෙනව ඊට පස්සේ එයාලත් එක්ක ආපු ගැහැනු ලමයෙක්ට විහිලු කරාලු කියලා. එතකොට මේ සිද්දිය වෙලා තියෙන්නේ ජුලි 7 වෙනිදා වගේ දවසක . ඒ කියන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එලවන්න දවස් දෙකකට වගේ කලින් තමයි මේක උනා කියන්නේ. මට පෞද්ගලිකව මේක කොහොමවත් භාරගන්න බැහැ. හේතුව තමයි එහෙම සිද්ධියත් කවදාවත් වුණේ නෑ.

අරගල භූමියේදී මම කිසිම ළමයෙක්ට විහිලු කරේ නෑ ඒ වගේම කිසිම කෙනෙක්ගේ කොලර් එකෙන් අල්ලලා එයාට තර්ජනය කරලා නෑ .අපි අරගල කරන කාලේදී අරගල භූමියෙ නිතරම ජාතික මාධ්‍යයන් හා රටේ ප්‍රධාන මාධ්‍ය නාලිකා වල කැමරාව මයික් රෙඩි වෙලා තමයි තියෙන්නේ. මොකක් හරි එහෙම සිද්ධියක් වුනා නම් ඔබ හිතනවද මේ මාධ්‍ය වාර්තා නොකර නිකන් ඉදි කියලා. දෙවැනි කාරණාව තමයි galle face භූමිය තුල ඉතා පුංචි විදිහේ ප්‍රශ්නයක් උනත් එළියට යන්න තරමට ප්‍රශ්නයක් නොවුණත් මේක එළියට දාන්න බලාගෙන හිටපු සමාජ මාධ්‍ය කරුවන් පිරිසක් youtube කරුවන් social media කරුවන් පිරිසක් හිටියා. එතකොට මේ කියන සිද්දියෙ ෆොටෝ එකක් වත්, වීඩියෝ එකක් වත් නැත්තං ලයිව් එකක් වත් දාන්න බැරි වෙන්න තරමට ඉක්මනට මේ සිද්ධිය වෙලා ඉවර වුනාද? ඉතින් ඕක තමයි පළවෙනිම points දෙක මට තියෙන.

ඒත් එක්කම එහෙම ප්‍රශ්නයක් ඇති වුණා නං ඇයි ඒ අදාළ කාන්තාව පිළිබද මෙහෙම දෙයක් උනා කියලා පැමිණිල්ලක් දැම්මේ නැත්තේ. ඒක තමයි ඊළඟ පොයින්ට් එක. අනික ඒ වගේම එතන තිබ්බා පොලිස් මුරපොළක්. ඒ පොලිස් මුරපොළේ හිටපු නිලධාරීන් මොනාද කරේ. ඒ වෙලාවේ එහෙම ප්‍රශ්නයක් වුණා නම් එතනට ගිහිල්ලා නිලධාරීන්ට හරි කියන්න තිබ්බ මෙහෙම දෙයක් වුණා කියලා. ඉතිං එහෙම කිව්ව නම් එහෙම සිද්ධියක් වෙනවා දැක්කා නම් මම හිතන්නේ නෑ එතැන ඉඳන් කොටුව පොලිසියට මීටර් පන්සියක් වගේ පොඩි දුරක් තියෙන්නේ. මාව අත්අඩංගුවට අරගෙන පොලිසියට ගිහින් දාන්න තිබ්බා. ජූලි 7 වැනිදා ඇයි මේ දේවල් සිද්ධ වුනේ නැත්තෙ ඒක තමයි අනිත් පොයින්ට් එක. ඊළඟට මට කියන්න තියෙන දේ තමයි මට හිතෙන විදිහට මේක ප්ලෑන් කරලා කරපු දෙයක්. ආණ්ඩුව විශේෂයෙන්ම මේ විමර්ෂණය මෙතැනින් අවසන් නම් මේක අනුව විශේෂයෙන් ආණ්ඩුව ප්ලෑන් කරපු දෙයක් කියලා තමයි කියන්න වෙන්නේ.

මේ විමර්ශන මෙතනින් ඉවර වෙනවා නම් අනිවාර්යෙන්ම මේක අපහාස කිරීම උදෙසා කරපු දෙයක් කියලා තමයි කියන්න තියෙන්නෙ. නැත්නම් අපි කියන දේවල් විශ්වාස නොකරන තත්ත්වයට මිනිසුන් පතකරන්න හදපු කතාවක් කියලා තමයි කියන්නේ. ඉතින් මම පොලිසියට කියනවා මේ පිළිබඳව විමර්ශනය ඉදිරියටත් කරගෙන යන්න ඕනි කියලා ඒ වගේම අපේ නීතිඥවරු විශේෂයෙන් මේ පිළිබඳව සැලකිල්ලෙන් ඉන්නවා.

ඒ වගේම තවත් ප්‍රධාන සිද්ධීන් දෙකක් පිළිබඳව මට කතා කරන්න තියෙනවා. ප්‍රධාන මාධ්‍ය නාලිකා දෙකක් වාර්තා දෙකක් සපයනවා. ඒ කියන්නේ මේ මාධ්‍ය නාලිකා දෙකම මට පිහියෙන් ඇනීම පිළිබඳ වාර්තා කරේ නැති වුණාට බොහොම කැමැත්තෙන් පිහි ඇනුම මාධ්‍ය වාර්තාව ආවට පස්සේ ඒගොල්ලෝ නිර්මාණ විදිහට එය පුවත් වෙබ් අඩවි වල සහ ප්‍රවෘත්ති වල ප්‍රචාරය කරනවා. එක්තරා මාධ්‍ය ආයතනයක් පොලිස් නිවේදනය හවස තුනට නිකුත් කරන්න කලින් තමන්ගේ පුවත්පත් වෙබ් අඩවියක දානවා “කාන්තාවක් සහ මත්ද්‍රව්‍ය” පිළිබඳ ගැටලුවක් නිසා මේක වුණා කියලා. ඒ ඒ අදාළ තොරතුරු සම්බන්ධයට දාලා තියෙන screen shots අදාල videos ඒ හැම දේම මම සටහන් කරගෙන තියෙන්නේ. ඒත් මේ නිවේදනය එහෙම සඳහනක් නෑ. මං හිතන්නේ හැම මාධ්‍ය ආයතනයකටම මාධ්‍ය නිවේදනය ආවා. ඊට පස්සේ මම ඒ මාධ්‍ය ආයතනයට කතා කලාර පස්සේ ඒ මාධ්‍ය ආයතනයේ සංස්කාරකවරයෙක් මට කියනවා පොලිස් ප්‍රකාශකවරයා එයාට ඒ දේවල් කිව්වලු. ඊට පස්සෙ මම ඇහුවා දෙමටගොඩ අපරාධ කාර්යංශයෙන්ද කිව්වේ කියලා . එතකොට ඔවු කිව්වා ඊට පස්සෙ මම මේ පිළිබඳව පරීක්ෂණ කරන පොලිස් නිලධාරියාගෙන් ඇහුවා මෙහෙම පරීක්ෂණයක් මේ මාධ්‍ය ආයතනයට කිව්වද කියලා. එතකොට ඒ නිලධාරියා කිව්වා ඒ නිලධාරියා හෝ OIC හෝ CCD එකේ ප්‍රධානියාට හෝ විතරයි එහෙම ප්‍රකාශයක් කරන්න පුළුවන් කියලා. හැබැයි ඒ තුන්දෙනාම කිව්වේ නැත්නම් මේ මාධ්‍ය ආයතනයට මෙහෙම කාන්තාවක් සහ මත්ද්‍රව්‍ය නිසා දියුණු සිද්ධියක් කියලා ප්‍රකාශයක් නිකුත් කරපු පොලිස් නිලධාරියා කවුද??? අර ගොල්ලන්ටත් ඉහළින් හිටපු පොලිස් නිලධාරියා කවුද ???

ඔය දේවල් පිලිබදව සොයා බලන්න ඕනි. ඒ වගේම ඒ මාධ්‍ය පිළිබඳ දේවල් සොයා බලන්න ඕනි ඒ වගේම ඒ මධ්‍ය ආයතනයේම උදේට අර පත්තර කියවන අපි කියනමේ අර මත සපයන්නෝ කියලා එයා මත හදනවා. ඉතින් මගේ අදාල හෙඩිම කියවලා මව්බිම පත්තරේ හෙඩිම කියවලා එයා ඒක ඉවර කරන්නේ. අපි හිතුවේ මේක අරගල ප්‍රශ්නයක් කියලා. මේක පෙම් හුටපටයක් තව මොකක්ද පෙම් මොකක්ද වචනයක් කියල ඒ කියන්නේ පෙම් හබයක් කියලා. ඒ කියන්නේ මේක පෙම් හබයක් මත වෙච්ච දෙයක් නෙවෙයි කියලා හැමෝම දන්නවා. මාධ්‍ය නිවේදනය සඳහන්වෙනවා පෙම් හබයක් නොවන බව. පෙම් හබයක් ඇති වෙන්න හේතු කාරණා මම හිතන්නේ ඒ මාද්‍යවේදියා දන්නෙ නැතුව ඇති. ඇත්තටම මාද්‍යවේදියා කියන වචනෙ පාවිච්චි කරන එක අපරාදේ. ඒ කෙනාට ඔය පොයින්ට් එක වගේම තවත් මාධ්‍ය ආයතනයකින් සදහන් කරනවා. මොකක්ද සමච්චල් කර හිරිහැර කරා කියලා ඒ කියන්නේ මම වාචිකව සමච්චලයක් කරල තව මොකක් හරි හිරිහැරයකුත් කරා කියලා. හැබැයි පොළිසිය නිකුත් කරපු මාධ්‍ය නිවේදනය එහෙම දෙයක් නැති වෙනකොට මේ මාධ්‍ය ආයතන වලට කොහොමද එහෙම දෙයක් දැනගන්න පුළුවන් වුණේ?

ඒ වගේම ප්‍රවෘත්ති වෙනස් කරමින් කටයුතු කරන්නේ පෞද්ගලිකව වගකිව යුතු මාධ්‍ය නාලිකා දෙකක්. වාර්තා කර ගන්න බැරි වුණු මේ මාධ්‍ය ආයතන දෙක හේතුත් එක්ක බොහොම අපූරුවට කතන්දර නිර්මාණය කරලා උදෑසන පත්තරේ විස්තරේ කියද්දීත් කතන්දර නිර්මාණය කරලා හෙලුව පෙන්වනවා කිව්වොත් හරියටම හරි.

එනිසා මට කියන්න තියෙන පළවෙනිම කාරණය පොලිසිය මීට වඩා විමර්ශන කරත් හොඳයි මීට වඩා දිගු විමර්ශනයක් කළ යුතුයි මේ අදාළ විමර්ශනය පිළිබඳව අපි සෑහීමකට පත් වෙන්නේ නැහැ. පළවැනි කාරණාව තමයි මේ මාධ්‍ය ආයතනය අපිවගේ පුද්ගලයෝ අරඹයා තනි මිනිස්සු අරඹයා කරන මේ ජඩ මාපියාව මාධ්‍ය මාෆියාව නවත්වන්න ඔයාලා මේ තනි තනි මිනිස්සුන්ට ගහන ගේම් එක ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ගහන ගේම් එකක් කියලා තමයි කියන්න තියෙන්නේ”