hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 27, පෙ.ව. 11:01



සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඩිලාන් සේනානායකට පිහියෙන් ඇන තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සිව් දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, සැකකරුවන් අපරාධය සිදු කිරීමට භාවිත කළ පිහි දෙකක් සහ ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගත් බවයි.

සැකකරුවන් දෙමටගොඩ, කොම්පඤ්ඤවීදිය සහ බොරැල්ල ප්‍රදේශවල පදිංචි 44ත් සහ 28ත් අතර පසුවන අය වෙනවා.

පොලිසිය සඳහන් කළේ, සැකකරුවන් ගාලු මුවදොර විරෝධතා පැවති කාල සීමාවේදී දිනපතා එහි යාමට පුරුදු වී සිට ඇති බවයි.

එහිදී සිද්ධියේ ප්‍රධාන සැකකරු සමග මිත්‍රත්වයක් ඇති කරගත් තරුණියකට ඩිලාන් සේනානායක විසින් “සමච්චල්” කරනු ලැබ ඇති අතර එයට ප්‍රධාන සැකකරු විරුද්ධ වී තිබෙනවා.

පසුව තුවාලකරු විසින් ඔහුගේ කමිසයේ කොලරයෙන් අල්ලා “තර්ජනය කිරීමකට පලි ගැනීමක් වශයෙන්” මෙලෙස පිහියෙන් ඇන තුවාල සිදු කර ඇතැයි අනාවරණය වූ බව පොලිසිය සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයන් තවදුරටත් සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා සැකකරුවන් මිරිහාන මූලස්ථාන පොලිසිය වෙත භාර දීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරට ත් සඳහන් කළේ.

දෙසැම්බර් 14 වන දින මුහුණු ආවරණය කරගත් දෙදෙනෙකු ත්‍රිරෝද රථයකින් ඩිලාන් සේනානායකගේ නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි නිවසට පැමිණ මෙම පිහි ඇනුම සිදු කර තිබුණා.