hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 02, ප.ව. 7:44



අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරීන් සමග ගැටුමක් ඇති කරගත් දිලිප් වෙදආරච්චිගේ පුතු , රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ , නෙත්මි හරින්දික සිල්වා යන අය සිටින ස්ථානයක් සම්බන්ධයෙන් තොරතුරක් වේ නම් දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවට දන්වා සිටිනවා.

ඒ අනුව 071 -8591493 හෝ 047 -2246226 යන අංක වලට අමතා එම තොරතුරු ලබා දෙන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

එමෙන්ම SGPG – 4507 දරන කැබ් රථය සම්බන්ධයෙන්ද තොරතුරු වෙතොත් ලබා දෙන ලෙස වීරකැටිය පොලිසිය ඉල්ලා සිටිනවා.

පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑමට අදාළව ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.