hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූලි 03, පෙ.ව. 12:24



මේවන විට පවතින ආර්ථික අර්බුදයද විවාහ වීමට බලපා ඇතැයි වාර්තා වනවා.

දීප ව්‍යාප්ත විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන්ගේ සංගමයේ සම ලේකම් සුසන්තා හේමශ්‍රී රණසිංහ සඳහන් කළේ පසුගිය වසරවලට සාපේක්ෂව මෙම කාලයේ විවාහ ලියාපදිංචිය සියයට 85 කින් පමණ අඩු වී තිබෙන බවයි.

පවතින ඉන්ධන අර්බුදය සහ ආර්ථික ගැටලු මෙලෙස විවාහ අඩුවීමට හේතුවී ඇති බවද ඔහු සඳහන් කරනවා.

මෙම මාසය විවාහ නැකැත් බහුලව යෙදෙන මාසයක් වන අතර, වෙනත් වර්ෂවල මෙම මාසයේදී විවාහ සඳහා උත්සව ශාලා වෙන් කර ගැනීම පවා අර්බුදකාරි තත්ත්වයක පවතිනවා.

කෙසේ වෙතත් මේ වනවිට විවාහ උත්සව පැවැත්වීම ඉතා ඉහළ ප්‍රතිශතයකින් අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.