2026 මැයි 30, ප.ව. 3:22
මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය සහ අටමස්ථානාධිපති ධුරය දරන පල්ලෙගම හේමරතන ස්ථවිරයන් වහන්සේට එරෙහිව එල්ල වී ඇති චෝදනා සැලකිල්ලට ගනිමින්, උන්වහන්සේගේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාව තීරණය කර ඇත.
පල්ලෙගම හේමරතන හිමියන්ට එරෙහිව පවතින චෝදනා සම්බන්ධයෙන් මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාව විසින් අදාළ පාර්ශවයන් ද කැඳවා කරුණු විභාග කර තිබේ. ඒ අනුව, දැනට පවතින අධිකරණ කටයුතු අවසන් වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ලැබෙන තෙක්, කාරක මහා සංඝ සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව හේමරතන හිමියන් වෙත පත් කර තිබූ “නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය” අත්හිටුවීමට අද (30) රැස්වූ කාරක සංඝ සභාව තීරණය කර ඇත.
එසේම, ගරුතර කාරක මහා සංඝ සභාවේ නියමය පරිදි අටමස්ථාන කමිටුව විසින්, එම කමිටු සාමාජික, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ඊතලවැටුණු වැවේ ඥාණතිලක නායක ස්ථවිරයන් වහන්සේ තාවකාලිකව අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා පත් කිරීමට තීරණය කර තිබේ.
මල්වතු මහා විහාර පාර්ශවයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමය පරිදි මල්වතු විහාරයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය පහමුණේ සුමංගල නායක ස්ථවිරයන් වහන්සේගේ අත්සනින් යුතුව මෙම නිල නිවේදනය නිකුත් කර ඇත.

2026 මැයි 30, ප.ව. 11:30
2026 මැයි 30, ප.ව. 1:19
2026 මැයි 30, පෙ.ව. 10:01
2026 මැයි 30, පෙ.ව. 12:19
2026 මැයි 30, පෙ.ව. 12:18
29-05-26
29-05-26
22-05-26
22-05-26
11-05-26
11-05-26
10-05-26
10-05-26
08-05-26
08-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
24-04-26
24-04-26
16-04-26
16-04-26
31-03-26
31-03-26
28-03-26
28-03-26
19-03-26
19-03-26