hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 09, ප.ව. 2:14



රියැදුරන්ට අදාළව ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන නව නීතිය අනුව මහාමාර්ගයේ සිදුකරන වැරදිවලට රියැදුරු බලපත්‍රයේ ලකුණු කපාහැරීමක් සිදුකෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

රියදුරන් සිදුකරන වැරදි 32ක් වෙනුවෙන් මෙලෙස ලකුණු කැපීම සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

මෙලෙස එක් රියැදුරකුගේ බලපත්‍රයකින් ලකුණ 24ක් කැපී ගිය විට එම බලපත්‍රය අහෝසි වන බවද වාර්තා වනවා.

කිසියම් රියැදුරෙක් මාර්ග අනතුරක් සිදුකර නොනවත්වා රිය ධාවනය කළහොත් ඔහුගේ බලපත්‍රයෙන් ලකුණු 10ක් කපා හැරීමට පොලීසියට බලය තිබෙනවා. .

එසේම 150කට වැඩි වේගයෙන් රිය ධාවනය කළහොත් ලකුණු 8ක් කැපෙනවා. එසේම රක්ෂණ සහතිකය නොමැතිව අපරික්ෂාකාරී ලෙස රිය ධාවය කළහොත් ලකුණු 6ක් කපා හැරෙනවා.

මේ ආකාරයට ලකුණු කැපෙන ආකාරය දැනටමත් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

2018 අංක 18 දරන මෝටර් රථවාහන ආඥා පනත අනුව මෙලෙස රියැදුරු බලපත්‍රවලින් ලකුණු කපාහැරීම සිදුකෙරෙනවා.