2024 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:02
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ පුද්ගලයින්ට එරෙහිව අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
“පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන්න විශේෂ විමර්ශනයක් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා වෙච්ච පරික්ෂණ හරහා මේ වාර්තා නැති වුණේ කොහොමද ඒවයේ පිටු ගැලවුණේ කොහොමද කියන අපි හොයා බලනවා. ඒ සියල්ල මේ පරික්ෂණ කණ්ඩායම සොයනවා. ඒ පිළිබඳව කිසිදු අසාධාරණයක් මේ රටේ ජනතාවට වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒකට යම් කාලයක් යනවා.
ඉතිහාසයේ වුණ වැරදි මේ පාලන කාලය තුළ කිසිසේත්ම වෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපි ඉතා දැඩි තීරණයක ඉන්නවා. අනිවාර්යෙන් ඒ සඳහා මැදිහත් වුණ, මෙහෙයවපු අයට එරෙහිව අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්ම කරනවා. කිසිදු ආකාරයකින් පසුගිය ආණ්ඩු කළා වගේ ඒවා යට ගහන්න, අතුරදන් කරන්න අපි කටයුතු කරන්නේ නැහැ. ඒ විශ්වාසය ජනතාවට අපි ලබාදෙනවා.”
2026 ජනවාරි 24, පෙ.ව. 12:25
2026 ජනවාරි 24, පෙ.ව. 12:17
2026 ජනවාරි 24, පෙ.ව. 12:13
2026 ජනවාරි 24, පෙ.ව. 12:12
2026 ජනවාරි 24, පෙ.ව. 12:06