hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අප්‍රේල් 27, ප.ව. 3:45



දිවයිනේ සියළුම ආර්ථික මධ්‍යස්ථානවලට හෙට (28) එළවළු තොග බෙදා හැරිම සිදු නොකරන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවා.

නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදි ඊයේ (26) දින මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා මේ බව කියා සිටියා.

හෙට (28) රාජ්‍ය සේවකයින්, පෞද්ගලික අංශයේ සේවකයින් ඇතුළු රටේ ජනතාව හර්තාල් ව්‍යාපාරයක් පැවැත්විමට සැලසුම් කර ඇති නිසා කොළඹ මැනිං වෙලදපොල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන ගණනාවකින් එදිනට එළවළු තොග එවිමට කටයුතු නොකරන ලෙසට කල ඉල්ලිමක් මත මෙම තිරණය ගත් බවයි හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.

එදිනට එළවළු රැගෙන යාමට පාරිභෝගිකයන් ආර්ථික මධ්‍යස්ථානවලට නොපැමිණෙන නිසා ආර්ථික මධ්‍යස්ථාන වසා දැමිමට සිදුවිය හැකි බැවින් මෙම තිරණය ගත් බවද ඒ මහතා සඳහන් කළා.