hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 31, පෙ.ව. 5:11



තම සංගමයේ සමාජිකයන් කුලියාපිටිය ප්‍රදේශයේ සුළු සහ මධ්‍යම පරිමාණ කුකුල් ගොවිපොලවල් වලින් නිෂ්පාදිත බිත්තර එකතු කල බවත්, අද (31) දිනයේ මහනුවර සහ කොළඹ ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට බිත්තර රු 55 සහනදායි සිල්ලර මිලකට අලෙවි කිරිමට කටයුතු යොදා ඇති බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවා.

බිත්තර තොග වෙලෙන්දන් කුලියාපිටිය ප්‍රදේශයේ ගොවිපොලවල් වෙත ගොස් වැඩි මිලකට බිත්තර මිල දි ගෙන එම බිත්තර තොග රැගෙනවිත් සිල්ලර වෙලෙන්දුන්ට අධික මිලකට අලෙවි කරන බවද ඔහු සඳහන් කළා.

ඒ අනුව සිල්ලර වෙලෙන්දාට රු 55 වැනි සිල්ලර මිලකට බිත්තර අලෙවි කිරිමට නොහැකි බවද අජිත් ගුණසේකර මහතා කියා සිටියා.

බිත්තර තොග වෙලෙන්දන් කිහිපදෙනෙකු බිත්තර ආනයනය කර බෙදා හැරිමට උත්සහ කරන බවත්, ඒ තුලින් දේශිය බිත්තර කර්මාන්තය කඩා වැටිමේ අවධානමකට ලක් විය හැකි බවත්, සිදු කල යුත්තේ බිත්තර ආනයනය කිරිම නොවන දේශිය බිත්තර කර්මාන්තය වැඩිදියුණු කර එම කර්මාන්තය ශක්තිමත් කිරිම බවද ඔහු පැවැසුවා.

රජය සමග එක් වි තම සංගමය උත්සව සමයේ සහනදායි මිලකට තාවකාලිකව බිත්තර අලෙවි කිරිමට පියවර ගත් බවත්, ලබන වසරේ මුල් මාසය වන විට බිත්තර ඉල්ලුම අඩුවිම හමුවේ බිත්තර සිල්ලර මිල අඩුවන බවද අජිත් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසුවා.