hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 14, පෙ.ව. 6:26



බිත්තර නොමැති වීම හේතුවෙන් බිත්තර වෙළඳසැල් වසා දමා ඇති බවත් තවදුරටත් මෙම ගැටලුව උග්‍ර වුවහොත් ජනතාව බිත්තර ප්‍රතික්ෂේප කළ හැකි බවත් සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසනවා.

මේ අතර ඇතැම් ප්‍රදේශවල බිත්තර නොමැති වීම හේතුවෙන් පාරිභෝගික ජනතාව මෙන්ම ආපනශාලාහිමියන්ද දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

රජය මඟින් බිත්තර සඳහා රුපියල් 50 ක් උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙන අතර බිත්තර අලෙවි නොකරන වෙළඳසැල් සොයා දිගින් දිගටම වැටලීම් සිදුකරනවා.

එහිදී වෙළඳසැල් හිමියන් කියා සිටියේ තමන් රුපියල් 52 ක තොග මිලකට බිත්තර මිලදී ගන්නා බැවින් බිත්තරයක් රුපියල් 50 කට අලෙවිකළ නොහැකි බවයි. ඒ පිළිබඳ පාරිභෝගිකයින්,වෙළදසැල් හිමියන් මෙන්ම ආපනශාලා හිමියන් අදහස් දක්වා සිටියා.