hit counter

2026 ජූලි මස 23 වන බ්‍රහස්පතින්දා

2026 ජූලි 23, පෙ.ව. 12:07



එල්-නිනෝ තත්ත්වය හමුවේ ගත යුතු පියවර සොයා බැලීමට පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව දෙවැනි වරටත් ජනාධිපති කාර්යාලයේදී රැස්විය.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ සභාපතීත්වයෙන් රැස් වූ මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව විසින් ඉදිරියේදී ඇති වන එල්නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා ගත යුතු පියවර පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

මේ වනවිට ලෝකයට එල්- නිනෝ තත්ත්වයක් ඇති විය හැකි අවධානම 81%ක් බවට ලෝක කාලගුණික විද්‍යා සංවිධානය පුරෝකථනය කර තිබෙන බව මෙහිදී අවධාරණය කෙරිණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: