2026 අගෝස්‍තු 06, පෙ.ව. 9:16
එල් නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි අහිතකර බලපෑම් සම්බන්ධයෙන් SenFin Securities ආයතනය විසින් විශේෂ වාර්තාවක් නිකුත් කර තිබේ.
එම වාර්තාවට අනුව, වර්තමානයේ නිර්මාණය වෙමින් පවතින තත්ත්වය 2016-17 කාලසීමාවේ මෙරට අත්විඳි දරුණු ආර්ථික පසුබෑමට සමාන විය හැකි බවට අනතුරු අඟවා ඇත.
මෙරට රැකියාවලින් 25%ක් නියෝජනය කරන කෘෂිකාර්මික ක්ෂේත්‍රය එල් නිනෝ තත්ත්වය හමුවේ දැඩි අවදානමකට ලක්ව තිබේ.
වර්ෂාපතනය අඩුවීම හේතුවෙන් දේශීය නිෂ්පාදන පහත වැටීමත් සමඟ ආහාර උද්ධමනය 2% සිට 5% දක්වා ඉහළ යා හැකි බව එම වාර්තාව පෙන්වා දෙයි. 2016-17 කාලසීමාවේදී ද මෙවැනිම තත්ත්වයක් යටතේ සහල් සහ ධාන්‍ය ආනයනය සඳහා වැය කළ මුදල ඩොලර් මිලියන 22 සිට 314 දක්වා 14 ගුණයකින් ඉහළ ගිය බව SenFin Securities සිහිපත් කරයි.
ජල විදුලි උත්පාදනය පහත වැටීම ආර්ථිකයට එල්ල වන තවත් ප්‍රධාන අභියෝගයකි. 2015 වසරේදී 46%ක්ව පැවති ජල විදුලි දායකත්වය 2016 නියඟයත් සමඟ 30% දක්වා පහත වැටුණු අතර, ඒ වෙනුවට තාප විදුලිය උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු ආනයනය කිරීමට රජයට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරීමට සිදු විය.
ඒ අනුව ඉන්ධන සහ බලශක්ති පිරිවැය 38%කින් ද, ගල් අඟුරු පිරිවැය 33%කින් ද ඉහළ ගොස් තිබේ. වර්තමානයේදී ද මෙවැනිම තත්ත්වයක් ඇති වුවහොත් විදේශ විනිමය සංචිත කෙරෙහි එය දැඩි පීඩනයක් එල්ල කරනු ඇත.
පසුගිය කාලසීමාවලදී රජය විසින් බලශක්ති පිරිවැය දරාගත්තද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන වත්මන් එකඟතා අනුව ඉන්ධන සහ විදුලි මිල ලෝක වෙළෙඳපොළ මිල ගණන් අනුව තීරණය වේ. මේ හේතුවෙන් ආනයන පිරිවැය ඉහළ යාමේ සෘජු බලපෑම පාරිභෝගිකයා මත පැටවීමට ඇති ඉඩකඩ වැඩි බව වාර්තාව අවධාරණය කරයි.
එල් නිනෝ බලපෑම හේතුවෙන් මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනය 0.3% සිට 1% දක්වා ප්‍රමාණයකින් පහත වැටිය හැකි බවට ප්‍රක්ෂේපණය කර ඇත. ප්‍රධාන අපනයන භෝග වන තේ, රබර් සහ පොල් නිෂ්පාදනයට ද මෙයින් බාධා පැමිණෙන අතර, එමගින් අපනයන ආදායම ද අඩුවීමේ අවදානමක් පවතී.
සමස්තයක් ලෙස ගත් කල, එල් නිනෝ තත්ත්වය හමුවේ මෙරට කෘෂිකර්මාන්තය, බලශක්තිය සහ විදේශ විනිමය කළමනාකරණය සම්බන්ධයෙන් රජය දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව ආයතනය සිය වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.
2026 අගෝස්‍තු 06, පෙ.ව. 11:28
2026 අගෝස්‍තු 06, පෙ.ව. 9:24
2026 අගෝස්‍තු 06, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 06, පෙ.ව. 12:19
2026 අගෝස්‍තු 06, පෙ.ව. 12:16
26-07-26
26-07-26
25-07-26
25-07-26
24-07-26
24-07-26
23-07-26
23-07-26
17-07-26
17-07-26
16-06-26
16-06-26
13-06-26
13-06-26