hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 26, පෙ.ව. 10:06



මැතිවරණ කොමිසම වෙත ලැබි ඇති බලතල අනුව මේ රටේ පළාත් පාලන ආයතන සියල්ලම ජනවාර මස 5 සහ 10 දිනයන් අතර කාලය තුල විසුරුවා හැර පළාත් පාලන මැතිවරණයකට යන බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (25) නාවලපිටිය බව්වාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදියි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මන්ත්‍රීවරයා සඳහන් කළේ පළාත් පාලන ආයතන විසුරුවා දින 14 ක් ඇතුලත නාම යෝජනා කැදවන බවත් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණින් මේ වන විට නාම යෝජනා සකස් කර ඇති බවත්ය.

පළාත් පාලන මැතිවරණයේදි නාවලපිටිය ආසනයෙන් එක් කොට්ඨාශයක් දින ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණට තමන් කල අභියෝගය ජනතා විමුක්ති පෙරමුණ විසින් භාරගෙන ඇති බවත්, ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ විසින් නාවලපිටිය මැතිවරණ කොට්ඨාශ තුල දිනපතා රැස්විම් පවත්වන බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

තමන් නාවලපිටිය ආසනයට විශාල සංවර්ධන කටයුතු රැසක් සිදු කර ඇති නිසා තමන් මැතිවරණවලට බිය නොවන බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් පැවසුවා.