hit counter

2024 මැයි මස 18 වන සෙනසුරාදා

2024 මැයි 06, පෙ.ව. 12:05



මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ, 2024 ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් හිමිකම් සහ විරෝධතා ගොනු කිරීමට ලබාදී තිබූ කාලය හෙටින් අවසන් වන බවයි.

එය නැවත දීර්ඝ කිරීමක් නොකරන බවත් ග්‍රාම නිලධාරීවරුන් හරහා ඒ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි බවත් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හරහා අයැදුම් කළ හැකි බවද සභාපතිවරයා සදහන් කරයි.

මේ අතර ජාතික මැතිවරණ කොමිෂන් සභාව ලබන අඟහරුවාදා රැස්වෙන අතර එහිදී කොමිසමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද සභාපතිවරයා තවදුරටත් සදහන් කරයි.