hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 09, පෙ.ව. 6:30



මැතිවරණයක් කල් යාම හෝ නොයාම තමන්ට අදාළ කාරණයක් නොවන බවත් මැතිවරණ කොමිසමට අදාළ කාරණය වන්නේ පනතේ තිබෙන නීති ක්‍රියාත්මක කිරීම බවත් නීතියෙන් යම් නියමයක් කරණ තෙක් මැතිවරණ කොමිසමට අදාළ කටයුතු කරගෙන යන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා ඊයේ (08) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වැඩිදුරටත් මෙසේ පැවසුවා.

“මැතිවරණයකට අවශ්‍ය මුදල් ලබා දීම ලබාදීම රජයේ වගකීමක් වනවා සේම රාජ්‍යයක් පවතිනවා නම් එම රාජ්‍යයේ ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය ආරක්ෂා කිරීමට කටයුතු කිරීම රජය සතු වගකීමක් වනවා. ඡන්දය සඳහා මේ මේ වනවිට ඇස්තමේන්තු කොට ඇති මුදල රුපියල් බිලියන දහයක් වෙනවා. බොහෝ විට ඊට පහළ මුදලකින් අපිට මේ කර්තව්‍ය හමාර කිරීමට හැකිවෙයි කියා විශ්වාස කරනවා.

මෙවර අප යොදාගන්නේ 2022 චන්ද හිමි නාමලේඛනය. එම ඡන්ද ලේඛනය අනුව ඡන්ද එක්කෝටි හැට අට ලක්ෂ පනස් හය දහස් හයසිය විසි නව දෙනෙකු (16856629) ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිනවා. වසරකින් කල් තබා තිබෙන පළාත් පාලන ඡන්දය 2023 මාර්තු මාසයේ 19 වැනි දිනට පෙර පළාත් පාලන ආයතන 340 සඳහා සභිකයින් තෝරා පත්කොට ඔවුන් ගැසට් කිරීමේ කාර්යභාරය පැවරි තිබෙන්නේ මැතිවරණ කොමිෂන් කොමිෂන් සභාවටයි. ඒ අනුව කොමිෂන් සභාව එහේ අවශ්‍ය මූලික කටයුතු සියල්ල අවසන් කරමිනුයි තිබෙන්නේ.

ඒ අනුව නාම යෝජනා භාර ගැනීම සඳහා අවශ්‍ය නිවේදන නිකුත් කළා. මේ වන විටත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය ආයතන සමඟ අවශ්‍ය සියලු සාකච්ඡා එක කොට තිබෙනවා. මේ වන විට ලියාපදිංචි දේශපාලන පක්ෂ 86 ක් තිබෙනවා . එම පක්ෂවල ලේකම්වරුන් කැඳවා ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමට බලාපොරොත්තු වනවා”