2024 නොවැම්‍බර් 11, පෙ.ව. 12:01
 
            
ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලුම ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.
එහෙත් අපේක්ෂකයින් විසින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කර ගැනීම සදහා ඉන්අනිද්දා මධ්‍යම රාත්‍රිය දක්වා කල් ලබා දීමටයි මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත්තේ.
පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 2,348 ක් එම කොමිෂන් සභාව වෙත වාර්තා වී තිබෙනවා.
මේ අතර, පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සිදු කරන ජාත්‍යන්තර නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් ඉන්අනිද්දා කොළඹදී පැවැත්වීමට නියමිතයි.
මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සදහා සහභාගී වන ආසියානු රටවල මැතිවරණ කොමිෂන් සභාවල නියෝජිතයින් පිරිසක් අනිද්දා දිනයේදී දිවයිනට පැමිණීමට නියමිත වනවා.
යුරෝපා සංවිධානය ඇතුලු ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් දැනටමත් දිවයිනට පැමිණ සිටින අතර තවත් පිරිසක් ඉදිරියේදී පැමිණීමටයි නියමිතව ඇත්තේ.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සදහා තම සංවිධානයේ නියෝජිතයින් 6,000කට ආසන්න සංඛ්‍යාවක් යොදවන බවයි.
මේ අතර, පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශය කිරීමට පැමිණීමේදී ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරීන්ට ඉදිරිපත් කළ යුතු වලංගු අන්‍යනයතා ලේඛන 09 ක් පිළිබදව මැතිවරණ කොමිෂන් සභාව යළි දැනුම් දෙනවා.
 
                                                        2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:08
14-10-25
 
                                            14-10-25
13-10-25
 
                                            13-10-25
13-10-25
 
                                            13-10-25
08-10-25
 
                                            08-10-25
07-10-25
 
                                            07-10-25
02-09-25
 
                                            02-09-25
19-08-25
 
                                            19-08-25
18-07-25
 
                                            18-07-25
13-07-25
 
                                            13-07-25
11-07-25
 
                                            11-07-25
30-05-25
 
                                            30-05-25
21-05-25
 
                                            21-05-25