hit counter

2024 නොවැම්‍බර් මස 15 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 7:31



නීත්‍යනුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවන විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවසර දෙන අයැදුම් පත්‍රය නිකුත් කර තිබෙනවා.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ https://si.labourmin.gov.lk/wp-content/uploads/2022/08/02.2022-Application-Sinhala.pdf යන වෙබ් ලිපිනය ඔස්සේ අදාළ අයැදුම් පත්‍රය භාගත කළ හැකි වෙනවා.

ඒ අනුව, මෙම වසරේ මැයි පළමු වනදා සිට ලබන වසරේ අප්‍රේල් 30 වන දා දක්වා කාලය තුළදී ඇ.ඩො. 30,00කට වඩා වැඩි මුදලක් බැංකු ක්‍රමය හරහා මෙරටට එවා ඇති ශ්‍රමිකයින් සඳහා තමන් එවා ඇති මුදල් ප්‍රමාණයෙන් 50%ක වටිනාකමකින් යුත් විද්‍යුත් යතුරුපැදියක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා.

එමෙන් ම, මෙම වසරේ මැයි 1 වන දා සිට දෙසැම්බර් 31 වන දා දක්වා වන කාලයක තුළදී ඇ.ඩො. 20,000 මුදලක් එවා ඇති ශ්‍රමිකයින් සඳහා විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා.

මේ අතර, නීත්‍යනුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන ශ්‍රමිකයින් සඳහා ගුවන්තොටුපළේදී ලබාගත හැකි තීරුබදු සහනය ඇ.ඩො. 6,550ක් දක්වා ඉහළ නැංවීමට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති අතර ඒ සඳහා වන ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පැවසීය.

Example Image