hit counter

2024 මැයි මස 08 වන බදාදා

2024 පෙබරවාරි 25, පෙ.ව. 12:04



විවිධ පලතුරු සුවඳ වහනය වන පරිදි නිපදවා ඇති ඉලෙක්ට්‍රික් දුම්වැටි හෙවත් ඊ-සිගරට් භාවිතය සඳහා පාසල් ළමයින් වැඩි වශයෙන් හුරුවී ඇති බැවින් ඒ පිළිබඳව දෙමව්පියන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

අන්තරායක ඖෂධ පාලන ජාතික මණ්ඩලය පවසන්නේ, ඊ සිගරට් තුළ නිකොටින් නමැති ඇබ්බැහිකාරකය ඇති බැවින් පාසල් දරුවන්ට අලෙවි කිරීම සපුරා තහනම් බවයි.

මෙම ඉලෙක්ට්‍රොනික් දුම්වැටි ඔන්ලයින් ක්‍රමය හරහා සහ විවිධ ක්‍රම මඟින් පාසල් දරුවන්ට අලෙවි කිරිමට කටයුතු කරන අතර, ඒ හරහා ඔවුන්ගේ පෙනහළුවල සිට මොළය දක්වා සෛල විනාශ විකෘතිතාවයන්ට පත්විය හැකි බව අන්තරායක ඖෂධ පාලන ජාතික මණ්ඩලය සඳහන් කරනවා.

මෙවැනි පසුබිමක රුපියල් ලක්ෂ 30ක වටිනාකමකින් යුත් ඉලෙක්ට්‍රික් දුම්වැටි තොගයක් සමඟ පෑලියගොඩ ප්‍රදේශයෙදී පුද්ගලයෙකු සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සන්තකයේ තිබී ස්මාර්ට් වොච් ආකාරයට සකස් කළ ඉලෙක්ට්‍රික් දුම්වැටි කිහිපයක්ද සොයාගත් බව සුරාබදු නිලධාරීන් පවසනවා.

කලක පටන් සැකකරු මෙම ජාවාරම Online මාර්ගයෙන් සිදුකර ඇති අතර සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදී අනාවරණ වී ඇත්තේ ඉලෙක්ට්‍රික් දුම්වැටි වැඩි වශයෙන් ප්‍රචලිත වී ඇත්තේ පාසල් ළමයින් සහ තරුණ තරුණියන් අතර බවයි.

මෙම එක් ඉලෙක්ට්‍රික් දුම්වැටියක දුම්වාර 50,000ක් 60,000ක් අතර ප්‍රමාණයක් අන්තර්ගත වන බව සුරාබදු නිලධාරීන් පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: