hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 14, ප.ව. 1:51



මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දෛනික විදුලි කප්පාදුව සිදුනොකරන බවට බලධාරීන් විසින් දැනුම් දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, සිය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව විදුලිබල මණ්ඩලය ඇතුළු බලධාරීන් ඒ සම්බන්ධයෙන් එකඟතාව පළ කර ඇති බවයි.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 23 වනදා ආරම්භ වන අතර විභාගය පෙබරවාරි මස 17 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.