hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 17, ප.ව. 4:28



උසස් පෙළ විභාගය පැවැත්වෙන දින 14ක කාලයේදී අඛණ්ඩව විදුලිය සැපයීමට රුපියල් බිලියන 5ක මුදලක් අවශ්‍ය වනු ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසෙකර මහතා දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද (17) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ, විභාගය පැවැත්වෙන දිනවල අඛණ්ඩව විදුලිය ලබා දීමට කටයුතු කරන බව ඔහු පැවසූ බවයි.

ඒ අනුව, විදුලිය විසන්ධි නොකර ලබා දීමට නම් එක් දිනකට රුපියල් මිලයන 357ක් අවශ්‍ය වන බව ද විදුලි බල අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව ගුණවර්ධන මහතා පැවසුවා.

“එතුමා කෙසේ හෝ විභාගය පැවැත්වන දිනවලට අඛණ්ඩව දරුවන්ට විදුලිය ලබා දෙන්න කටයුතු කරනවා කිව්වා. හැබැයි ඒ සඳහා සොයා ගන්න අවශ්‍ය වෙනවා කිව්වා දිනකට 357 බැගින් බිලියන 5ක් දින 14කට විදුලිය සපයන්න. මේක තමයි විදුලියේ තියෙන අර්බුදය.”