hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 22, ප.ව. 7:08



ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ක්‍රියාත්මක වන සිසු සැරිය දීපව්‍යාප්ත සේවාව උසස් පෙළ විභාග පවත්වන දිනවලදී ධාවනය සඳහා යොදවා ගන්නා බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පවසනවා.

අද (22) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව, සිසු සැරිය බස් රථ 1,617ක් තිබෙන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පැවසුවා..

“අපි සියලු ම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන්වල සභාපතිවරුන්ටත් ශ්‍රී ලංගම සභාපතිතුමාට ත් දැනුවත් කරලා තියෙනවා. ඔවුන්ට උපදෙස් දීලා තියෙනවා එක දරුවෙක් සිටියත් බස් රථය ධාවනය කරන්න අපි ඔවුන්ට සහනාධාර මුදල් සම්පූර්ණ මුදල ම ගෙවනවා.”

විභාගයට පෙනී සිටින දරුවන්ට අමතරව දෙමාපියන්ට සහ විභාග මධ්‍යස්ථානයේ සේවය කරන කාර්ය මණ්ඩලයට ද මෙම සේවාව ලබා දෙන ලෙස බස් රථ හිමිකරුවන්ට උපදෙස් දී ඇති බව ද ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා වැඩිදුරට ත් ප්‍රකාශ කර සිටියා.

මේ අතර, උසස් පෙළ විභාගය සඳහා දුම්රිය ගමන්වාර 16ක් යොදවා ඇති බව දුම්රිය නියෝජ්‍ය ගමනා ගමන අධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ පවසයි.

ඒ අනුව, මුහුදු බඩ දුම්රිය ගමන් වාර 4ක් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 12 ක් ධාවනය කරනු ඇති.

“උදෑසන 7ත් හවස 5ත් අතර කාලය තුළ ධාවනය වන දුම්රියන් සියල්ලම වාගේ අවලංගු නොවී නියමිත වේලාවට ධාවනය කරන්න විශේෂ වැඩපිළිවෙළක් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක කරලා තියෙනවා”