hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 27, පෙ.ව. 11:00



මහජන උපයෝගිතා කොමිසම විදුලි කප්පාදුවට අවසර නොදුන්නත් විදුලි කප්පාදුව දිගටම කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.

එහි සභාපති නලින්ද ඉලංගකෝන් මහතා සඳහන් කරන්නේ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව විවිධ විදුලි කප්පාදුව අත්හිටුවීමට හැකියාවක් නොමැති බවයි.

එම කාලයේදී විදුලි කප්පාදුව නොකර සිටීම සදහා ඉන්ධන මිල දී ගැනීමට රුපියල් බිලියන හතරක් ඉක්මවූ මුදලක් අවශ්‍ය බවද සභාපතිවරයා පැවසුවා.

විදුලි කප්පාදුව අත්හිටුවන බවට ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශයක් සිදු කර නැති බවද පැවසූ ඔහු විදුලි කප්පාදුව දහවල් කාලයේ සිදු නොකළ බවත් රාත්‍රී කාලයේදී විදුලි කප්පාදුව අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද සඳහන් කළා.

ඉන්ධන නොමැතිව විදුලිය සැපයිය නොහැකි බවත් තෙල් සංස්ථාව ඉන්ධන සැපයීමට එකග වූයේ නම් ඉන්ධන සැපයිය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසම ඒ පිළිබඳව විදුලිබල මණ්ඩලය දැනුවත් කළ යුතු බවත් හෙතෙම කියා සිටිනවා.

මානව හිමිකම් කොමිසමේ පැවැති සාකච්ඡාවට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ද සහභාගි වුවද එහිදී විදුලි කප්පාදුව නවතන බවට එම නිලදාරින් එකග වී නැති බව ද හෙතෙම තවදුරටත් පැවසුවා.