hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 ජනවාරි 31, පෙ.ව. 10:09



උසස් පෙල විභාගය පැවත්වෙන පෙබරවාරි 17 වැනිදා දක්වා අඛන්ඩව විදුලි සැපයුමට ජල බලාගාර ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රමාණවත් ජලය සැපයීම සම්බන්ධයෙන් ජල කළමනාකරණ කාර්යාලය පෙබරවාරි 1 වැනිදින නැවත රැස්වී තීරණය කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවා.

ඉදිරි දිනවලදී ප්‍රමාණවත් වර්ෂාපතනයක් අපේක්ෂා‌ කරන හෙයින් විභාග කාලයේදී අඛණ්ඩව විදුලිය සැපයීමට එය රුකුලක් වන බව එම කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට දන්වා ඇති බවත් රත්නායක මහතා සඳහන් කළා.

ජල බලාගාර වලට අමතරව ප්‍රමාණවත් පරිදි විදුලිය ජනනය සදහා අනෙකුත් බලාගාර අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම සදහා පියවර ගන්නා ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට නියෝග කර ඇති බවකි බව කී ජනක රත්නායක මහතා  මෙම නියෝග පරිදි කටයුතු කිරීමෙන් උසස් පෙල විභාගය පැවත්වෙන කාලය තුලදී අඛණ්ඩව විදුලිය සැපයිය හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ස්ථාවරය බවද සඳහන් කළා.

ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊයේ (29) මහවැලි අධිකාරියෙන්/ජල කළමණාකරන කාර්යාලයෙන් කල ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අද දිනයේ සිට විදුලිය කප්පාදුවෙන් වැළකිය හැකි පරිදි ප්‍රමාණවත් ජල සංචිත මුදා හැරීමට මහවැලි අධිකාරිය/ජල කළමණාකරන කාර්යාලය තීරණය කිරීම නිසා අද සහ හෙට (30 සහ 31) යන දිනයන්හිදි විදුලි කප්පාදුවක් නොවන බවද ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.