hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 ජනවාරි 13, ප.ව. 12:22



උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්නපත්‍රය පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇතැයි වාර්තා වනවා.

පසුගිය 10 වැනිදා එම ප්‍රශ්න පත්‍රය පිට වූ බව තහවුරුවීමත් සමග එම ප්‍රශ්නපත්‍රය අවලංගු කර නැවත විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් පරික්ෂා කර ඇත්තේ මෙම ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ බවට ලැබුණු තොරතුරු අනුවයි.

මෙවර කෘෂි විද්‍යාව ප්‍රශ්නපත්‍රය සඳහා අයදුම්කරුවෝ පහළොස් දහසක පමණ පිරිසක් පෙනී සිට තිබෙනවා.

දෙපාර්තමේන්තු ඉතිහාසයේ විභාග ප්‍රශ්න පත්‍රයක් පිට වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ.

මින් පෙර ප්‍රශ්න පමණක් පිටවීමේ සිද්ධීන් වාර්තා වී තිබුණා.

මේ අනුව අවලංගු කරන ලද කෘෂි විද්‍යා දෙවන පත්‍රය දැනට පවත්වන විභාගය අවසන් වීමෙන් අනතුරුව වෙනත් දිනයක පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

මේ සදහා වන පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අදාල පාසල් වල විදුහල්පතිවරුන් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ අයදුම්පත් වල සඳහන් ලිපිනයන් වෙත තැපැල් කර යැවීමට කටයුතු කරනු ලබන බව විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: