hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 11, පෙ.ව. 7:04



එළඹෙන ජනවාරි 23 වනදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන්වලදී විදුලි කප්පාදුවක් සිදුවන්නේද? නැද්ද? යන්න පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් ඊයේ (10) මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළා.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“විභාගය පැවැත්වෙන කාලය තුළදී විභාග කොමසාරිස්වරයාට කතා කරලා ඒ පිළිබඳ අපි ලිඛිත ඉල්ලීමක් ලබාගෙන ඒ අනුව අවශ්‍ය පියවර කිරීමට අවශ්‍ය කටයුතු දැනට සම්පාදනය කරගෙන ඉන්නවා. ඒ කටයුතුත් අපි අද ආරම්භ කරලා තිබෙන්නේ. මම හිතන්නේ විභාගය කාලයේදී විදුලිය කැපීම එතරම් සාධාරණ වෙන්නේ නැති නිසා ඒ කාල සටහන අපි විභාග දෙපාර්මේන්තුවෙන් ඉල්ලගෙන කොහොමද විදුලිය නොකපා යන්නේ කියන ක්‍රමවේදයක් සකස් කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය ලියවිල්ල අපි දැනටමත් ඇරලා තියෙන්නේ විභාග කොමසාරිස් ජනරාල්වරයාට.”