hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 ජූනි 17, ප.ව. 2:13



ව්‍යාජ ගිණුම් ඇතුළු සාවද්‍ය තොරතුරුවලට එරෙහිව නව ක්‍රියාමාර්ග ගැනීමට ෆේස්බුක් ඇතුළු සාමාජ මාධ්‍ය ජාල කිහිපයක් එකඟතාව පළ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සමාජ මාධ්‍ය ජාලා නියෝජිතයින් සහ යුරෝපා සංගමය අතර පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පළකර ඇති බවයි.

මෙටා, ගූගල්, ට්විටර් සහ මයික්‍රොසොෆ්ට් යන සමාගම්වල නියෝජිතයින් මේ සඳහා සහභාගී වී තිබෙනවා.

ඒ අනුව ව්‍යාජ ගිණුම් ඇතුළු සාවද්‍ය තොරතුරුවලට එරෙහිව දඩ ක්‍රමවේදයක් සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

යුරෝපා සංගම් නියෝජිතයින් එහිදී සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්කරන සාවද්‍ය තොරතුරුවලට එරෙහිව දැඩි පිළිවෙතක් අනුගමනය කළ යුතු බවයි.