hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 16, පෙ.ව. 10:05



පිළිගැනීමේ උත්සවයකට සහභාගි වූ මාතලේ සුජාතා බාලිකා විද්‍යාලයේ සිසුවියන් 42 දෙනෙකු ඊයේ (15) උදෑසන හදිසියේ ⁣රෝගී වීම හේතුවෙන් මාතලේ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ක්‍රීඩා තරගයකට සහභාගි වූ දැරියන් පිරිසක් පිළිගැනීමේ සඳහා පැවති උත්සවයකදී මෙම දැරියන් රෝගී වී තිබෙනවා.

එම උත්සවය පැවති අවස්ථාවේදී සිහිසුන්ව ක්ලාන්තව ඇද වැටී ඇති එම දැරියන් උදරාබාධයක් ඇති බව ද පවසා තිබෙනවා.

රෝගී වීමට ⁣බලපෑ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වි⁣ශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන බවයි උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන දැරියන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වෛද්‍යවරුන් සඳහන් කර තිබෙනවා.