2022 ඔක්‍තෝබර් 23, ප.ව. 2:49
දොඩම්ගොඩ විහාරස්ථානයක පැවති කඨින පෙරහැරක ගිනි බෝල කරකවමින් සිටි පාසල් සිසුවෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තවත් තරුණයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කරනවා.
අනතුරින් ජීවිතක්ෂයට ඇත්තේ, දොඩම්ගොඩ හර්මන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි මිරිස්වත්ත ජාතික පාසලේ ඉගෙනුම ලබන ගිහාන් කවිඳු වික්‍රමරත්න 17 සිසුවායි.
මියගිය සිසුවා ඇතුළු පිරිසක් කඨින පිංකම පෙරහැරේ ගිනි බෝල කැරකැවීමේ යෙදී සිට ඇති අතර දේවාලයේ සිට තාවකාලිකව බට පඳුරක් වෙත ඇද තිබූ විදුලි වයරයක ගිනිබෝල කැර කිරීමට යොදා ගන්නා යකඩයෙන් තැනූ වළල්ල ගැටීමත් සමග සිසුවාට විදුලි සැර වැදී බිම වැටී තිබෙනවා.
එම අවස්ථාවේ දී වහා ක්‍රියාත්මක වූ ගිනිබෝල කරකවමින් සිටි තවත් තරුණයන් දෙදෙනෙක් ඔහු බේරාගැනීමට ඉදිරිපත් වීමේ දී ඔවුන් ද තුවාල ලබා ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.
දොඩංගොඩ පොලිසියේ ගාල් කර තිබෙන 1990 සුවසැරිය ගිලන් රථයේ සෞඛ්‍ය සේවකයන් පැමිණ විදුලි සැර වැදුනු සිසුවාට කෘතිම ස්වසනය ලබා දී කළුතර මහ රෝහල වෙත ඇතුළත් කළ ද ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසුවා.
2025 ඔක්‍තෝබර් 22, ප.ව. 8:41
2025 ඔක්‍තෝබර් 22, ප.ව. 5:28
2025 ඔක්‍තෝබර් 22, ප.ව. 4:03
2025 ඔක්‍තෝබර් 22, ප.ව. 3:19
2025 ඔක්‍තෝබර් 22, ප.ව. 2:01