hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2024 අප්‍රේල් 25, පෙ.ව. 12:03



2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

2024 යල කන්නයේ වී වගාව සඳහා යෙදවීමට රජය විසින් මුල්‍යමය සහනාධාරයක් ගොවි ජනතාවට ලබා දීමට තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සන්දේශයට පසුගිය මාර්තු මාසයේ දී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.

ඒ අනුව හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් මුදලක් බැගින් මෙවර යල කන්නයේදීත් වී වගා කරන ගොවි ජනතාව සඳහා ලබා දීමට කටයුතු යොදා තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ පොහොර මිල දී ගැනීම හෝ වී වගාව සඳහා වන වෙනත් කවර කටයුත්තක් සඳහා වුවද මෙම මුදල යොදා ගැනීමට හැකි බවයි

මේ සදහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 7.5ක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: