2022 සැප්‍තැම්‍බර් 11, ප.ව. 1:57
වන සතුන්ගෙන් වගාවට වන හානිය අවම කර ගැනීමට ගොවීන්ට තුවක්කු දීම කෙරෙහි කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙනවා.
වගා බිම්වලට වන සතුන්ගෙන් වන හානිය ඉතා තදින් ම අස්වැන්න අඩු වීම කෙරෙහි බලපෑම් ඇති කරන නිසා එය අවම කර ගැනීම පිළිබඳව අමාත්‍යංශය දැඩිව අවධානය යොමු කර තිබෙනවා.
පසුගිය කාලය පුරා ම වන සතුන්ගෙන් වගාවට වන හානිය අවම කර ගැනීමට විවිධ සැලසුම් ක්‍රියාවට නැංවුව ද ඒ සියල්ල අසාර්ථක ව්‍යාපෘති බවට පත් වූ බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළා.
මේ හේතුවෙන් වන සතුන්ගෙන් වගා ආරක්ෂා කර ගැනීමට ගොවීන්ට තුවක්කු දීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යංශයේ තක්සේරු කිරීම්වලට අනුව මෙරට වගා කෙරෙන බෝග අතරින් වාර්ෂිකව 40%ක් පමණ වන සතුන්ගේ හානි හේතුවෙන් විනාශ වන බව එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවැසුවා.
රිළවුන්, වඳුරන් හා දඬුලේනුන් නිසා මහා පරිමාණ බෝග විනාශයක් වන්නේ යැයි ද හෙතෙම සඳහන් කළා.
මොනරු හා වල් ඌරන් ද වගාවට දැඩි ලෙස හානි කරන සතුන් බවට ගොවියන් නිරන්තරයෙන් පැමිණිලි කරන බව ද ඔහු කියා සිටියා.
මේ හේතුවෙන් වගාබිම් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට පිළියම් යෙදීම ගැන වැඩි අවධානයක් යොමු කර ඇතැයි ද හෙතෙම පැවසුවා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11