hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජනවාරි 12, පෙ.ව. 11:38



මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝග හේතුවෙන් ශ්වසන පද්ධතියට හානි සිදුවිය හැකි බැවින් ගැබිනි මවුවරුන්, වයස්ගත පුද්ගලයන් හා නිධන්ගත රෝගවලින් පෙළෙන්නන් ආරක්‍ෂාකාරීව කටයුතු කළ යුතු බව දකුණු කොළඹ මහ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය දික්මාදුගොඩ මහතා මෙසේ ද පැවසුවා.

“මෙම උණ රෝගයේ රෝග ලක්‍ෂණ ලෙස කැස්ස, උගුරේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව හා කැරකැවිල්ල හඳුනාගෙන තිබෙනවා. මේ දිනවල ඩෙංගු හා මී උණ රෝග ද පැතිර යමින් තිබෙන නිසා උණ රෝගීන් දැඩි අවධානයෙන් සිටිය යුතුයි.

දින දෙකකට වඩා උණ රෝගය පවතී නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම ඉතා ම අවශ්‍යයි. එසේම විවේකය, සමබර ආහාර වේලක් ගැනීම හා දියර වර්ග වැඩියෙන් පානය කිරීම උණ රෝගයෙන් පෙළෙන්නන් විසින් අනුගමනය කළ යුතුයි. හැකි සෑම විට ම මුව ආවරණ පැළඳීම හා විෂබීජ නාශක දියර පාවිච්චිය ද මෙම උණ රෝගය පැතිරීම වළක්වා ගැනීමට උපකාර වෙනවා.