hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 28, ප.ව. 12:35



QR අවසර පත්‍රය නොමැතිව මහරගම ඉන්ධන පිරවුම් හලකට පැමිණි පිරිසක් එහි සේවකයින්ට හා කළමනාකරුට පහර දී තිබෙනවා.

එම පහරදීම සිදු කරන ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබෙනවා.

මහරගම ඉන්ධන පිරවුම් හලකට පැමිණ එහි සේවකයන් සමඟ බහින්බස් වී පිටවී ගිය පිරිසක් නැවතත් පැමිණ අපි සරත් වීරසේකර ඇමතිගේ මිනිස්සු යැයි පරුෂ වචන කියමින් එහි සේවකයන්ට පහර දෙන අයුරු සීසීටීවී කැමරාවේ සටහන් වී තිබෙනවා.

පසුගිය ඉරිදා කුඩා වෑන් රථයකින් පැමිණ තිබූ පුද්ගලයෙකු ඉන්ධන ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී QR අවසර පත්‍රය පොම්පකරු විසින් ඉල්ලා ඇති අතර, එහිදී වෑන් රථයෙන් බිමට බැස පොම්පකරු ට පහරදීමට තැත් කරන අයුරු ද CCTV කැමරාවේ සටහන්ව තිබෙනවා.

අනතුරුව පොම්පකරු එම පුද්ගලයාට පොම්පයෙන් පහරදීමට උත්සාහ කරන ආකාරයද එම දර්ශනවල දැක්වෙනවා.

අනෙකුත් සේවයකයින් ද එම ස්ථානයට පැමිණ සිද්ධිය සමතයකට පත්කිරීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිට වී ගිය එම පුද්ගලයා තවත් කිහිපදෙනෙකු සමග ඉන්ධනහල වෙත පැමිණ කාර්යාලය තුළට කඩා වැදී කළමනාකරු සහ එම සේවකයන්ට පහර දුන් බවද ඔවුන් කියා සිටියා.

ඔවුන් මේ සම්බන්ධයෙන් මහරගම පොලීසියට ද පැමිණිලි කර තිබෙනවා.

https://youtu.be/2MlRRLp77Mk