hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 06, පෙ.ව. 4:31



මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිතයේ වැටලීමකට ගිය වන සංරක්ෂණ නිළධාරින් පිරිසකට පහර දී රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධව බිංගිරිය ප්‍රාදේශීය සභාවට තරග වදින ස්වාධින කණ්ඩායමක කණ්ඩායම් නායකයා හා ඔහුගේ සොහොයුරා මාදම්පේ පොලිසිය මගින් ඊයේ (05) අත්අඩංගුවට ගත් බව සඳහන් වෙනවා.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ හලාවත අඩවි වන නිළධාරි කාර්යාලයට අයත් බිට්ටු වන නිළධාරියකු හා වන ක්ෂේස්ත්‍ර සහකාරවරුන් දෙදෙනෙකු බව මාදම්පේ පොලිසිය කියයි.

හලාවත අඩවි වන නිළධාරි ආර්.ඒ.එස්.ඩි. රණසිංහ මහතාගේ උපදෙස් මත ඊයේ (05) මෙම වන සංරක්ෂණ නිළධාරින් පිරිස පනිරෙන්ඩාව රක්ෂිතයේ සිදුවන වල්ලාපට්ටා ජාවාරම සම්බන්ධයෙන් ලැබුන තොරතුරක් සදහා වැටලීමකට ගොස් තිබියදී මෙම පහර දීම සිදුව ඇති බව කියයි.

එසේ වැටලීම ගිය වන සංරක්ෂණ නිළධාරින් පනිරෙන්ඩාව රක්ෂිතය ආසන්නයේ නවතා තිබු සැක සහිත ත්‍රිරෝද රථයක් පරික්ෂා කිරීමට යාමේදි එහි බීමතින් සිටි දෙදෙනෙකු විසින් පරික්ෂා කිරීම වලකමින්  වන සංරක්ෂණ නිළධාරින්ට පහර දී ගමන් කල යතුරු පැදි වලටද හානි කර ඇති බව වන සංරක්ෂණ නිලධාරින්  මාදම්පේ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

වහාම ක්‍රීයාත්මක වු මාදම්පේ පොලිසියෙ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් එකනායක මහතා ඇතුළු නිළධාරින් පිරිසක් අදාල පහර දීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ත්‍රී රෝද රථයද සමග අත් අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුවන් පරික්ෂා කිරීමේදි හෙළීව ඇත්තේ මෙම සැකකරුවන්ගෙන් පහර දීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන චන්දිම ජගත් අමරසිංහ නැමැත්තා මෙවර පළාත් පාලන මැතිවරණයේදී බිංගිරිය ප්‍රාදේශීය සභාවට කාර් රථය ලකුණීන් තරග වදින ස්වාධින කණ්ඩායමක නායකයා බවයි.

ඒ සමග අත් අඩංගුවට ගත් අනෙක් සැකකරු ප්‍රධාන සැකකරුගේ සොහොයුරා බවද පොලිසිය අනාවරණය කර ගෙන තිබෙනවා.

සැකකරුවන්ගේ පහර කෑමට ලක්වු වන සංරක්ෂණ නිළධාරියකු හලාවත රෝහලට ඇතුලත් කර ඇති අතර මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බව කියයි.

පහර දීමට සම්බන්ධ සැකකරුවන් හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමතිව තිබුණා.