hit counter

2026 ජනවාරි මස 24 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 13, ප.ව. 9:19



ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විසින් සංවර්ධන නිලධාරිනියකට යතුරුපැදි හිස්වැසුමකින් පහරදී තිබෙනවා.

අද (13) උදෑසන බාදුරාගොඩ සිපෙට්කෝ පිරවුම්හලක QR කේත පරීක්ෂාවේ නියුතුව සිටි මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ සංවර්ධන නිලධාරීනියක් මෙම සිද්ධියට මුහුණදී තිබෙන්නේ.

කෙසේවෙතත් එම ප්‍රහාරයෙන් ඇය බේරී ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ සිදුකරයි.