hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 17, ප.ව. 1:17



මුල්ලේරියාව අඹතලේ ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් මාස තුනක් වයසැති බිළිඳියක මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

ජලය උණුකිරීමට යොදාගත් විදුලි හීටරයකින් මෙම ගින්න හට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළා.

ගින්න ඇතිවන අවස්ථාවේ මියගිය බිළිඳියගේ මව සහ වැඩිමහල් සහෝදරිය නිවසින් බැහැරව අසල ගොස් ඇති අතර ගෙයින් දුමක් නගිනු දැක ඒ බව මවට දැනුම්දිමෙන් පසු පැමිණ බලද්දි මාස තුනක් වයසැති බිළිඳය ඇඳමත පිළිස්සී මියගොස් ඇතැයි ද පොලිසිය කියා සිටියා.

මුල්ලේරියාව පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනවා.