hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 21, පෙ.ව. 11:24



ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරිය සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අතර හමුවක් අද පැවැත්වුණා.

විශේෂයෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල 75 වැනි සංවත්සරයේදී ශ්‍රී ලංකාව සමඟ සබඳතාවට ඔස්ට්‍රේලියාව ලබා දෙන වැදගත්කම පිළිබිඹු කරමින් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස O’Neil අමාත්‍යවරිය සිදුකරන පළමු විදෙස් සංචාරය මෙයයි.

හවුල් අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා සහයෝගීතාවය සහ අධිෂ්ඨානය මත ගොඩනැගුණු ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා – වර්ධනය වන වෙළඳාම, ආයෝජන සහ අධ්‍යාපන අවස්ථා, ජාත්‍යන්තර අපරාධවලට එරෙහිව සටන් කිරීම මෙන්ම මිනිසුන් අතර ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය දෙපළ විසින් අවධානයට යොමුකර තිබෙනවා.

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව තවත් වර්ධනය කිරීමේ අවස්ථා, විශේෂයෙන්ම අක්‍රමවත් සංක්‍රමණ පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා කළ බවයි විදේශ අමාත්‍යංශය කියාසිටියේ.

ඔස්ට්‍රේලියාවේ දේශසීමා ආරක්ෂණ ප්‍රතිපත්තිවල හෝ ස්වෛරී දේශසීමා මෙහෙයුමේ කිසිදු වෙනසක් සිදු නොවූ බවයි අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළේ. මිනිස් ජාවාරම්කරුවන් මැඩලීමට සහ අහිංසක ජනතාවගේ ජීවිත හානි සහ ජීවනෝපාය මාර්ගවලට ඇති වන අවදානම වළක්වා ගැනීම සඳහා එක්ව අඛණ්ඩව කටයුතු කිරීමට අමාත්‍යවරුන් දෙදෙනා එකඟවී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ දේශසීමා ආරක්ෂණ ප්‍රතිපත්තිවල හෝ ස්වෛරී දේශසීමා මෙහෙයුමේ කිසිදු වෙනසක් සිදු නොවූ බවයි අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළේ. මිනිස් ජාවාරම්කරුවන් මැඩලීමට සහ අහිංසක ජනතාවගේ ජීවිත හානි සහ ජීවනෝපාය මාර්ගවලට ඇති වන අවදානම වළක්වා ගැනීම සඳහා එක්ව අඛණ්ඩව කටයුතු කිරීමට අමාත්‍යවරුන් දෙදෙනා එකඟවී තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සියලුම ආකාරයේ ජාත්‍යන්තර අපරාධ මැඩලීම මෙන්ම දේශසීමා කළමනාකරණය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අඛණ්ඩ සමීප සහයෝගීතාවක් අමාත්‍යවරුන් දෙදෙනා විසින් සිය සාකච්ඡාවේදී අවදානයට ලක් කළා.

ඔස්ට්‍රේලියානු අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් පුද්ගල ජාවාරම් මැඩපැවැත්වීම පිළිබඳ සාකච්ඡාවකට සහභාගි වූ අතර ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නිලධාරීන් වත්මන් තත්ත්වය පිළිබඳ දළ විශ්ලේෂණයක් ද ලබා දෙනු ලැබුවා.

එම සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සහ වැඩිදියුණු කිරීමට නව අවස්ථා සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක්වුණා.

වත්මන් ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියාවේ ප්‍රබල සහය ලබා දෙන බව අමාත්‍යවරිය නැවත අවධාරණය කළ අතර මෙම සන්දර්භය තුළ ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ද එකඟ වී තිබෙනවා.