hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 පෙබරවාරි 04, පෙ.ව. 12:58



අද (04) පැවැත්වෙන 75 වන ජාතික නිදහස් සැමරුම් උත්සවයට සහභාගී නොවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබෙනවා.

විපක්ෂ නායකවරයාගේ තීරණය දැනුම්දෙමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසන්නේ, රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින අවස්ථාවක අති විශාල මුදලක් වැය කරමින් මෙවැනි උත්සවයක් පැවැත්වීම නොසුදුසු බැවින් ඊට සහභාගී නොවීමට විපක්ෂ නායකවරයා තීරණය කර ඇති බවයි. 

එමෙන්ම දෙමළ ජාතික සන්ධානය ද මෙවර නිදහස් උත්සව‍යට සහභාගී නොවන බව පසුගියදා නිවේදනය කර තිබුණා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේ නිදහස් සැමරුමට විරෝධය පළ කරමින් මඩකලපුවේ කළු විරෝධතා දිනයක් ප්‍රකාශයට පත්කරන බවයි.

ශ්‍රී ලංකා කතෝලික සභාව ද මෙවර නිදහස් දිනයට සහභාගී නොවන බව නිවේදනය කර තිබෙනවා.

නිදහස් දිනය උත්සවාකාරයෙන් නොපවත්වන ලෙස ඉල්ලමින් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි ඇතුළු පිරිසක් පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයට සංදේශයක් භාරදී තිබුණා.