hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 13, පෙ.ව. 12:08



උත්සව සමය සඳහා ඉන්ධන ඉල්ලුම සපුරාලීම වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන තොග ආනයනය කර ප්‍රධාන පර්යන්ත හරහා ගබඩාවල ප්‍රමාණවත් සංචිත පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති අතර ඉන්ධන තොග පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සියලු ඉන්ධනහල් හිමියන් දැනුවත් කිරීමට ද කටයුතු කර ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එම සංස්ථාව මාද්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ සිංහල දෙමළ අලුත් අවුරුදු සමය පුරාවට සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් කිසිදු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩකඩක් නොමැති අතර ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන පෝලිම් ඇතිකරගනිමින් ඉන්ධන ලබාගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

ඉන්ධන බෙදාහරින නියෝජිතයන්ගේ ඉන්ධන ඇනවුම් ක්‍රියාවලිය පහසුකරලීම සඳහා ලබන 15 වන දින දක්වා චෙක්පත් මගින් ගනුදෙනු කිරීමේ අවස්ථාවද සලසා දී ඇති බවත් එම කාලසීමාව තුළ ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය විසින් බෙදාහැරීමේ කටයුතු වෙනුවෙන් ප්‍රමාණවත් ටැංකි රථ යෙදවීම කටයුතු කර ඇති බව ඛණිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: