2024 සැප්තැම්බර් 01, පෙ.ව. 12:04
තමන් ජනාධිපතිවරයා ලෙසට පත් වූවහොත් ඉන්ධන මිල රුපියල් 150කින් අඩු කරන බව එක්සත් ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ජනක රත්නායක මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ඛනිජ තෙල් සංස්ථාවේ සිදු වූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන අංශයට පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
එම සංස්ථාව විසින් ආනයන කළ තෙල්වලින් රුපියල් බිලියන 36ක වංචාවක් සිදු වී ඇති බව ද ජනක රත්නායක මහතා එහි දී පෙන්වා දුන්නා.
තෙල් ආනයනය, මිල දී ගැනීම සහ ප්‍රවාහනය ඇතුළු අංශ කිහිපයක මෙම වංචා සිදුවී ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් විගණන වාර්තාවෙන් ද අනාවර වී ඇති බවයි ජනක රත්නායක මහතා අවධාරණය කළේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයි යන මහත්වරුන් ඇතුළු පිරිසකට විරුද්ධව මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව ඔහු කියා සිටියා.
මෙම වංචාව සිදු නොකළේ නම් තෙල් මිල රුපියල් 200කින් අඩු කළ හැකි බවත් මේ වනවිට අනිවාර්යයෙන්ම මිල රුපියල් 150කින් අඩු කළ හැකි බවත් ඔහු අවධාරණය කළා.
තමන් ජනාධිපතිවරයා ලෙසට පත්වූවහොත් පළමු මාසය ඇතුළත ඉන්ධන මිල රුපියල් 150කින් අඩු කරන බවයි, ජනක රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.
2024 දෙසැම්බර් 07, පෙ.ව. 12:29
2024 දෙසැම්බර් 07, පෙ.ව. 12:23
2024 දෙසැම්බර් 07, පෙ.ව. 12:15
2024 දෙසැම්බර් 07, පෙ.ව. 12:12
2024 දෙසැම්බර් 07, පෙ.ව. 12:09
07-12-24
07-12-24
07-12-24
07-12-24
07-12-24
07-12-24
07-12-24
07-12-24
06-12-24
06-12-24
06-12-24
06-12-24
06-12-24
06-12-24
06-12-24
06-12-24
06-12-24
06-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24