hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2026 මැයි 29, පෙ.ව. 12:12



අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා වන මෙම වසරේ මැයි මාසයේ දීමනා අද (29) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභක මණ්ඩලය පවසනවා.

ඒ අනුව, ‘අස්වැසුම’ පළමු සහ දෙවැනි අදියර යටතේ සුදුසුකම් ලැබූ වැඩිහිටියන් ලක්ෂ 7කට ආසන්න පිරිසක් වෙනුවෙන් රුපියල් තුන්සිය හතළිස් නව කෝටි තිස් නව ලක්ෂ පහළොස්දහසක (3,493,915,000.00) මුදලක් රජය විසින් මෙලෙස නිදහස් කර තිබෙනවා.

අදියර අනුව ප්‍රතිලාභ මුදල් වෙන් කර ඇති ආකාරය පහත පදිරි වනවා.

පළමු අදියර – වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටි ප්‍රතිලාභීන් 625,128 දෙනෙකු වෙනුවෙන් රුපියල් 3,125,600,000.00 ක මුදලක්.

දෙවන අදියර – වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටි ප්‍රතිලාභීන් 73,663 දෙනෙකු වෙනුවෙන් රුපියල් 368,315,000.00 ක මුදලක්.

මෙම සියලුම ප්‍රතිලාභීන්ට තමන්ට හිමි වැඩිහිටි දීමනාව හෙට සිට තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබාගත හැකි බව ද එම මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: