hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 24, පෙ.ව. 10:07



අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි යළි ඉන්ධන මිල වැඩි කිරීමට සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව,

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 74 කින්,
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 78 කින්,
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 56 කින්,
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 56 කින් ඉහළ දමනු ඇති බවයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේ.

එසේම මේ වනවිට රුපියල් 87කට අළෙවි වන භූමිතෙල් ලීටරයක් රුපියල් 210 ක් දක්වා වැඩි වන බව ද සඳහන්.

මෙලෙස අද (24) ඉන්ධන මිල ඉහළ යාමට නියමිතව ඇත්තේ මිල සුත්‍රයට අනුවයි.

පසුගිය මස එනම් මැයි මස 24වන දින ඉන්ධන මිල ඉහළ දැමුවා.

ඉන් පසුව විෂයභාර අමාත්‍යවරයා සඳහන් කළේ මසකට වරක් හෝ සති දෙකකට වරක් ඉන්ධන මිල, මිල සුත්‍රයකට අනුව වෙනස් වන බවයි.

ඒ අනුව අද (24) සිට ඉන්ධන මිල ඉහල දැමීමේ වැඩි හැකියාවක් පවතිනවා.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ද ඉහළ ගොස් ඇති බැවින් මෙරට ඉන්ධන මිලද යළි ඉහළ යන බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

එසේම ඉන්ධන මිල ඉහළ දැමීමට ඉදිරියේදී සිදුවන බව පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.