hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:04



පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත් වැට් බදු (සංශෝධන) පනත 2024 වසරේ ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව සියයට 15ක් ලෙස පැවැති වැට් බද්ද සියයට 18 දක්වා ඉහළ යනු ඇති.

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් වැට් බදු නිදහස් ලැයිස්තුවෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

වැට් බදු පැනවීමත් ඉන්ධන මිල ඉහළ යන ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සංවාදයක් ද ඇති වුණා.

එහි දී මන්ත්‍රීවරුන් වන පාඨලි චම්පික රණවක සහ විජිත හේරත් යන අය අදහස් පළ කර සිටියා.

පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ, ඉන්ධන ආනයනයේ දී දැරිය යුතු වියදම සියයට 11කින් පමණ ඉහළ යනු ඇති බවයි.

ඒ අනුව අනිවාර්යයෙන් ම ඉන්ධන මිල ඉහළ යනු ඇති.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අවධාරණය කළේ, ඩීසල් මිල අනිවාර්යයෙන් ම රුපියල් 63කින් පමණ ඉහළ යනු ඇති බවයි.

මේ වනවිට ඩීසල් ලීටරයක මිල රුපියල් 346ක්.

ඩීසල් ලීටරයක් සඳහා PAL බදු ලෙස 7.5%ක් අය කරන බව සඳහන්.

එමෙන් ම ලීටරයක් සඳහා සාමාන්‍ය බදු රුපියල් 25ක් සහ SPD බද්ද ලෙස රුපියල් 56ක් අය කෙරෙනවා.

ඊට වැට් බද්ද රුපියල් 98ක් එකතු වන බවයි, ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් විජිත හේරත් මන්ත්‍රීවරයා පවසන පරිදි ඩීසල් මිල රුපියල් 63කින් ඉහළ නොයනු ඇති.

මන්ත්‍රීවරයා විසින් සියයට 18ක වැට් බද්දක් ආදේශ කර ඇති බවත් ඊට සියයට තුනක බද්දක් ආදේශ කළ යුතු බවත් ඔවුන් දරණ මතය වනවා.

කෙසේ වෙතත් මේ වනවිට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි අඩු වීමක් පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඒ අනුව වැට් බදු ඉහළ දැමුව ද මෙරට ඉන්ධන මිල ඉහළ නොයනු ඇති.

එමෙන් ම ඉන්ධන සඳහා පනවා ඇති බදු අඩු කිරීම රජයේ අරමුණ වී ඇති බවටයි, මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

ඉන් මිල සංශෝධන 2024 වසරේ ජනවාරි පළමුවැනිදා සිදු කිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: